Audio Player MP3 Modules

කොහොමද යාලුවනේ. අනිත් හැමදාම Arduino ගැන පෝස්ට් අරන් ආවත් අද කියන්න යන්නෙ Arduino ගැන නම් නෙවෙයි.

අද මන් කතා කරන්න යන්නෙ Audio Player දෙකක් ගැන. මන් Arduino වලට ඕනෙ කරන sensors කීපයක් ගන්න Scion Electronics එකේ website එක බලද්දී අහම්බෙන් වගේ තමයි මේ Audio Player දෙක හම්බුනේ. ඉතින් මමත් නිකමට වගේ ගෙන්න ගත්ත. ඇත්තටම හොද product දෙකක්. මේ module දෙක හොදයි කියල හිතුනු නිසයි ඒ ගැන ඔයාලටත් කියන්න ඕනෙ කියල හිතුවෙ.

1) MP3 Format TF Card U Disk Decoder Board Module Amplifier Decoding Audio Player (2 රූපය ) :- https://scionelectronics.com/…/mp3-format-tf-card-u-disk-de…/

2-MP3-Scion-Electronics-Sri-Lanka

2) GPD2856C TF Card MP3 Decoder Board 2W Amplifier Module (9 රූපය ) :- https://scionelectronics.com/…/gpd2856c-tf-card-mp3-decoder…/

9-MP3-Scion-Electronics-Sri-Lanka

මේ තමයි ඒ module දෙක සහ මන් ඒ module දෙක මිළදීගත්ත link දෙක.

ඉතින් මුලින්ම පළවෙනි එක ගැන කියල ඉන්නම්…

2 රූපයේ තියන module එක ගැන කිව්වොත්,

* U disk එකක් වගේම TF card එකකුත් plug කරන්න පුලුවන් ආකාරයට නිර්මාණය කරල තිබෙනවා.

* ඉතාමත් හොද sound quality එකකින් යුක්තයි.

* 3.7V – 5.5V අතර වෝල්ටීයතාවයක් යටතේ ක්රියාත්මක වන මෙයට Lithium battery එකක් හරහා විදුලිය ලබා දෙන්නේ නම් 3.7V වෝල්ටීයතාවයක්ද, Micro USB Port එක හරහා විදුලිය ලබා දෙන්නේ නම් 5V වෝල්ටීයතාවයක්ද ලබාදීමේ හැකියාවක් පවතිනව.

* 3W mono amplifier එකක් on-board ම මෙම module එකෙහි පිහිටා තිබෙනවා.

* නිශ්පාදකයන් විසින් recommend කර තිබෙන ආකාරයට 4 3W speaker එකක් සම්බන්ධ කළ හැකියි.

* 3.5mm Gold plated headphone jack එකක් පිහිටා තිබෙනවා.

* මෙය MP3 වර්ගයේ audio file සදහා support කරන අතර 32GB දක්වා වූ U disk සදහාද 16GB දක්වා වූ TF Card සදහාද support කරනු ලබනවා.

* 47mm * 34mm ප්රමානයේ module එකක් වන මෙයට soldering කිරීමකින් තොරවම speaker එකක් සම්බන්ධ කිරීමේ පහසුකම තිබෙනවා.

* මෙය ක්රියාත්මක වීමට අවශ්ය power එක ලබා දුන් විට red color LED එකක් පත්තු වෙලා module එකට නිවැරදි ආකාරයට power එක ලැබුනු බවට indicate කරනු ලබනවා.

* Power දුන් විට U disk එකක් හෝ TF card එකක් සම්බන්ධ වී ඇත් නම් automatically ම එය හදුනාගෙන audio play වීම ආරම්භ කරයි. MP3 එකක් play වෙමින් තිබෙන බව LED එක blink වීම තුලින් Indicate කරයි.

3-MP3-Scion-Electronics-Sri-Lanka

* මෙහි buttons 4ක් දක්නට ලැබෙනවා. මෙම buttons 4 මගින් කාර්යයන් 8ක් සිදු කිරීමේ හැකියාවක් මෙම module එක සතුයි. අපි බලමු ඒ button 4 මොනවද කියල,

* Prev/V– :- එක් වරක් press කිරීමෙන් previous audio එක play කිරීමද long press කිරීම තුලින් volume අඩු කරගැනීමද සිදු කරගන්නට පුලුවන්.

* Next/V++ :- එක් වරක් press කිරීමෙන් next audio එක play කිරීමද long press කිරීම තුලින් volume වැඩි කරගැනීමද හැකියාව තිබෙනවා.

* P/P/Mode :- එක් වරක් press කිරීමෙන් audio එක pause කිරික්මද තව එක වරක් press කිරීමෙන් නැවත play කිරීමද long press කිරීම තුලින් U disk එක හා TF card එක අතර මාරු වීමටද හැකියි.

* Repeat :- මෙය එක් වරක් press කිරීමෙන් එක් audio file එක බැගින් repeat වීමද , තවත් වරක් press කිරීමෙන් සියලුම ගීත repeat වීමද සිදුවේ.

* ඇත්තටම කිව්වොත් වියදම් කරග මුදලට ඉතාමත් වටින module එකක්. මට තියෙන Sub එකට U disk, TF Card Plug කරන්න බැහැ. ඒ නිසා දැන් මම Use කරන්නෙ මේ Module එක. ( https://scionelectronics.com/…/mp3-format-tf-card-u-disk-de…/)

 

දැන් අපි බලමු 9 රූපයේ දැක්වෙන module එක මොකක්ද කියල. මේ module එක් නම් අපි භාවිතා කරනු ලබන්නෙ TF Card එකකින් පමණක් Audio Play කරන්නට අවශ්‍ය අවස්ථාවලට.

9-MP3-Scion-Electronics-Sri-Lanka

* මෙම Module එකට 3.7V Lithium battery එකකින් හෝ 5V USB එකක් මගින් power ලබාදීමට හැකියි.

* මෙය ක්‍රියාත්මක වීම සදහා 600mA ප්‍රමාණයක ධාරාවක් අවශ්‍ය කරනවා.

* GPD2846C Chip එක මගින් බලගැන්වෙන මෙම Audio Amplifier module එක On-board 2W mixed mono amplifier එකකින් යුක්ත වෙනව.

* 34.33mm – 22.33 mm ප්‍රමාණයෙන් යුක්ත වන මෙයද MP3 Format එකේ audio file වලර සහය දක්වනු ලබනව.

* Module එකට power ලබා දුන් විට LED indicator එකක් මගින් indicate කරන අතර speaker එකක් සහ TF card එකක් සම්බන්ධ කර විදුලිය ලබා දුන් විට automatically ම audio files තේරීමට හැකියි.

*මෙයටද buttons 3ක් එකතු කර Play, Push, Next, Previous, Volume Up/ Down Functions එකතු කරගැනීමේ හැකියාවක් පවතිනව. නමුත් අත්‍යවශ්‍ය නොවේ. ( https://scionelectronics.com/…/gpd2856c-tf-card-mp3-decoder…/ )

ඉතින් ඔන්න මට අහම්බෙන් හම්බුනත් ගොඩක් හොදයි කියල මට දැනුනු Audio Player Amplifier modules දෙකක් ගැන තමා මන් අද අරන් ආවෙ. ඉතින් ඇත්තටම වියදම් කරනගානට ගොඩක් වටිනව. භාවිතා කරන්නත් ඉතාමත්ම පහසුයි. මන් මේ දෙක ගත්ටෙ Scion Electronics එකෙන්. උඩ link දෙක දාල තියනව.

ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino parts ගන්න තැනක් නැද්ද කියල. ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

“Scion Electronics” ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shops තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Website එකේ සියලුම item ගැන විස්තර තියනව. ( https://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino parts ගන්න පුලුවන්.

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං තුළින් නැවත හමු වෙමු.

Compiled by: Yasas Sadeepa

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×