ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – I – Nextion Display
Nextion Display කියන්නෙ Human Machine Interface එකක්. එහෙමත් නැත්තම් HMI එකක්. මේ Nextion display එක touch sensitive වෙනව. ඒ නිසා ඔයාගෙ Arduino project එකට Graphical User Interface (GUI) එකක් වගේම smart පෙනුමක් ලබා දෙන එක ඉතාමත් පහසු වෙනව. මේ Nextion Display විවිධ ප්‍රමාණ වලින් ලබා ගන්නට පුළුවන්. 2.4″ , 2.8″ , 3.2″ , 3.5″ , 4.3″ , 5″ , 7″ කියන ප්‍රමාණ වලින් මිළදී ගැනීමේ හැකියාවක් තිබෙනව.
Nextion display එක ARM microcontroller එක මගින් බලගැන්වෙන අතර display එක control කරනු ලබන්නේ මෙම microcontroller එක මගිනි. එනම් buttons generating, creating text, store images, changing background වැනි දේවල් ගන්නට පුලුවන්. මෙම Nextion display එකක් සමග කුමන හෝ microcontroller එකක් වේවා communicate කල යුත්තේ 9600 baud rate එක යොදාගෙන.
Serial communication කල හැකි ඕනෑම microcontroller එකක් සමග communicate කිරීමේ හැකියාවක් මේ Nextion display එක සතු වෙනව. (Arduino, Raspberry Pi, ESP8266, ESP32 etc )
අපි අද කතා කරන්න යන්නෙ 3.2″ Nextion Display එක ගැන. මෙය 400×240 Resolution එකකින් යුක්තයි. ඒ වගේම user application code සහ data තබා ගැනීම සදහා 4M flash memory එකක් Nextion display එක තුළ අන්තර්ගත වෙනව. ඒ වගේම firmware update සදහා Micro SD card slot එකක් අන්තරගත වී තිබෙනව. මීට අමතරව brightness adjustable පහසුකමද තිබෙනව. (3 රූපය )
3.2″ Nextion Display එකක් warranty එකක් එක්කම ඔයාටත් Scion Electronics එකෙන් ගන්න පුලුවන්.
3.2″ Nextion Display :- https://scionelectronics.com/product/english-nextion-3-2-inch-tft-400×240-uart-hmi-lcd-module-display-touch-screen/
මේ Nextion display එක මගින් monitor වෙන GUI එක design කරගැනීම සදහා Nextion Editor නම් software එක කරනව. (4 රූපය)
Nextion Editor :- https://nextion.itead.cc/
මෙම Nextion Editor software එක install කරගැනීමෙන් පසුව Nextion display library එක Arduino IDE එකට add කර ගත යුතුයි.
Nextion display library :- https://github.com/…/ITEADLIB_Arduino_Ne…/archive/master.zip
Library file එක install කරගැනීමෙන් පසුව Nextion display එකත් එක්ක වැඩ ආරම්භ කරන්න ඔයාට පුලුවන්. නමුත් ඒ Arduino Mega Board එකක් ඔයා ගාව තියනව නම් විතරයි. ඔයා ගාව තියෙන්නෙ Uno board එකක් නම් Library එකෙහි වෙනස්කම් කීපයක් සිදුකරන්නට වෙනව. එනම්,
1) Open the “ITEADLIB_Arduino_Nextion” Folder.
2) Open “NexConfig.h” file.
3) Comment Line 27
// # define DEBUG_SERIAL_ANABLE
4) Change Line 37
# define nexSerial Serial
5) Save the “NexConfig.h”
මෙම සියලු වෙනස්කම් සිදු කරන ආකාරය 5 රූපයේ දැක්වේ. මෙසේ වෙනස්කම් සිදු කිරීමෙන් පසු Uno board එක සමග Nextion display එක සමග භාවිත කිරීමට හැකිවේ.
මේ Nextion display එකකින් project එකක් කරන්න කලින් design කල යුතු දෙයක් තමා user interface එක. ඉතින් මේ UI එක design කරගැනීම සදහා අපි භාවිතා කරන්නෙ Nextion Editor software එක.
ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් comments වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino parts ගන්න තැනක් නැද්ද කියල. ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.
“Scion Electronics” ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ website එකේ සියලුම item ගැන විස්තර තියනව. ( https://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino parts ගන්න පුලුවන්.
Nextion Editor software එකෙන් වැඩ කරන විදිහත් එක්ක ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – II තුළින් හමුවෙමු.
Compiled by: Yasas Sadeepa