ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 – II – Nextion Display

Nextion Display එක ගැන ගොඩක් විස්තර Part 22 – I කොටසින් කිව්ව. අද අපි බලමු මේ Nextion Display එකේ GUI එක Nextion Editor software එක භාවිතා කරල design කරගන්න විදිහ වගේම Arduino එක්ක මේ Nextion Display එක සම්බන්ධ කරගන්න ආකාරය.

මේ හැමදේටම කලින් මේ link එකෙන් Nextion Editor software එක download කරගෙන ඉන්න.

Nextion Editor :- https://nextion.itead.cc/resources/download/nextion-editor/…

Nextion Editor එකත් එක්ක වැඩ කරන විදිහ ගැන සම්පූර්ණ විස්තරයක් video එකේ තියනව. Video එකේ link එක post එක අවසානෙට දාල තියනව.

මේ Nextion Editor software එකෙන් තමයි Nextion Display එකේ GUI එක design කරන්නෙ. ඒ කියන්නෙ display එකේ wallpaper එක, display එකේ පෙන්නන buttons, text, animation වගේ දේවල්.

මේ Nextion Editor software එකත් එක්ක වැඩ කරද්දී මුලින්ම තමන්ගෙ device එක select කරන්න menu එකක් තියනව. ඒකෙදි ඔයාගෙ display එකට ගැලපෙන එක තෝරගන්න ඕනෙ. ඔයා මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි එහෙම කලේ නැත්තම් ඔයාගෙ display එකේ අපි design කරගන්න interface එක display කරන්න බෑ කියන එක.

ඉතින් මම මේකෙදි ගත්තෙ 3.2″ ක display එකක්. මම නම් ගත්තෙ Scion Electronics එකෙන්.

3.2″ Nextion Display :- https://scionelectronics.com/product/english-nextion-3-2-inch-tft-400×240-uart-hmi-lcd-module-display-touch-screen/

මේ software එකේ interface එක ගැන. මේකෙ තියන tools ගැනත් මන් video එකේදි කියල තියනව. ඒ වගේම Nextion Display එක Arduino එකත් එක්ක connect කරල Arduino එකට display එක හරහා input එකක් ලබාදෙන ආකාරය මම මේ video එකේදි විස්තර කරල තියනව.

මේක පළවෙනි පියවර නිසා display එකේ තියන dual state button එකකින් LED එකක් On/Off කරන විදිහ තමයි මම කියල දෙන්න හිතුවෙ. තව ඉස්සරහට අපි advance දේවල් කරමු.

Arduino code එක, Nextion Display library එක video එකේ description එකේ දාල තියනව. එතනින් download කරගන්න.

ඒ වගේම display එකේ GUI එක design කරගද්දී භාවිතා කරන wallpaper, button වල images download කරගන්නත් link එකක් description එකේ දාල තියනව. මේකෙදි ඔයා මතක තියාගන්න ඕනෙ wallpaper එකක් නම් 400*240 resolution එකේ තියෙන්න ඕනෙ. මොකද 3.2″ Nextion Display එකේ resolution එක 400*240 නිසා.

ඔයාට 3.2″ Nextion Display එක warranty එකක් එක්කම ඔයාට Scion Electronics එකෙන් ගන්න පුලුවන්. Nextion Display විතරක් නෙවෙයි ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ SLIIT Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ shop තියනව. ඔයාට warranty එකක් එක්කම Arduino components ගන්න පුලුවන් එකම තැන Scion Electronics.

Scion Electronics :- https://scionelectronics.com/

Video Link :- https://youtu.be/01GVkvWTZjw

තවත් ආඩුඊනෝ පාඩමක් එක්ක ආයෙත් හමුවෙමු. ඔයාල හැමොටම සුභ දවසක්.

Compiled by: Yasas Sadeepa

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×