#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_05 – Typing Arduino Simple Code

අද අපි බලමු code එකක් ලියල ඒ code එක මයික්රො කන්ට්රෝලර් එකට upload කරගන්නෙ කොහොමද කියල.

මුලින්ම ආඩුඊනෝ සොෆ්ට්වෙයා එක open කරල ඒකෙ එන්වර්මන්ට් පේජ් එකේ auto ම ටයිප් වෙලා තියන code ටික අයින් කරන්න. දැන් ඔයාට පුලුවන් කෝඩ් කරන්න පටන් ගන්න.

මේ වැඩේට අපිට ඕනෙ LED එකක් සහ 220 Ohms රෙසිස්ටර් එකක් විතරයි. මේ රෙසිස්ටර් එක නම් දැම්මෙ නැතත් කමක් නැහැ. ඒ උනාට LED එකේ ආරක්ෂාව පතා දාමු. පහල photos වල diagram එක තියනව. කෝඩ් එක පැහැදිලි වෙන්න ඕනෙ නිසා වීඩියො එකකුත් දැම්ම. ආඩුඊනෝ කෝඩ් එක හැදුනු විදිහ මන් පුලුවන් විදිහට ඒ වීඩියො එකේ විස්තර කරල තියනව. ඔයාට ඒ කෝඩ් එක ටිකක් වෙනස් කරල ඔයාගෙම විදිහට හදාගන්නත් පුලුවන් වෙයි ඒක බැලුවොත්. මේ පහළ තියන code එක type කරල ඉවර වෙලා එන්වර්මන්ට් පේජ් එකේ ඉහළින්ම තියෙන tool bar එකේ දකුණු පසට ඇති ඊතල ලකුණ සහිත button එක click කරන්න දැන් මේ ප්රෝග්රෑම් එක ආඩුඊනෝ බෝඩ් එකට upload වෙන්න පටන් ගන්නවා. අප්ලෝඩ් වෙලා ඉවර උන ගමන් Done Uploading කියල message එකක් එන්වර්මන්ට් පේජ් එකේ පහළින් පෙන්නනව. ඔන්න දැන් ඔයාගෙ ප්රොජෙක්ට් එක ready. වීඩියො එක බලන්න. එතකොට තමයි පැහැදිලි වෙන්නෙ. කාගෙවත් කෝඩ් එකක් බලාගෙන ලියල වැඩක් නැහැ. ඒ නිසා වීඩියො එක බලල කෝඩ් එකක් ලියන හැටි තේරුම් ගන්න. 

int LED = 13;

void setup ( ) {
pinMode (LED,OUTPUT);
}

void loop ( ) {
digitalWrite (LED,HIGH);
delay (1000);
digitalwrite (LED,LOW);
delay (1000);
}

වීඩියො එක :- https://youtu.be/s5k21Ol1MYE

ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් Part_06 තුලින් නැවත හමුවෙමු.

Compiled by: Yasas Sadeepa

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×