#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් #Part_06 – Variables and Data Types
අද අපි කතා කරන්න යන්නේ Variables එහෙමත් නැත්තම් විච්ල්‍ය ගැන සහ Data Types ගැන.
Variable එකක් කියන්නෙ value එකක් හෙවත් අගයකට අපිට යොදන්න පුලුවන් නම. ඒ කියන්නෙ “18 = A” කියල කිව්වොත් මේ 18 ට අපි දීල තියන නම තමයි “A” කියන්නෙ. ඔයාට මතක ඇති මීට කලින් පාඩමේදි, ඒ කියන්නෙ 5 වෙනි කොටසෙදි LED එකක් blink වෙන්න අපි ලියපු program එකේදි 13 වෙනි pin එක වෙනුවට LED කියන නම යොදා ගත්ත. අන්න එතනදි අපි ඒ කලේ variable එකක් පාවිච්චි කරන එක. මේකෙදි සිදු උනේ 13 වෙනි Pin එකට LED කියන variable එක යොදල ඒ කියන්නෙ නමක් යෙදීමයි. ඒ කියන්නෙ අපි මෙහෙම variable එකක් code එක ඇතුලෙ ලිව්වට පස්සෙ අපිට පුලුවන් ඒ කෝඩ් එකේ 13 pin එක යොදන්න ඕනෙ තැනට LED කියල භාවිතා කරන්න.
Data Types:-
Variables භාවිතා කරද්දී Data Types පිළිබදව දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත් වෙනවා. Variable එකකදී අපි ඒ Variable එකට ආදේශ කරන දත්තයේ ස්වභාවය ඒ කියන්නෙ අපි ආදේශ කරන්නෙ දශමථාන සහිත සංඛ්‍යාවක්ද, ඍණ සංඛ්‍යාවක්ද වගේ දේවල් අපි ලියන code එකට දන්වන එක තමයි මේ Data types වලින් සිදු කරන්නේ.
අපිට Arduino වලදී භාවිතා කරන්න පුලුවන් ප්‍රධාන Data types වර්ග පහත දැක්වේ.
byte, int, long, float
#byte :-
0 සිට 255 දක්වා හෙවත් 8bit සංඛ්‍යාංකිත පමණක් ආදේශ කල හැකි වේ. නමුත් දශමස්ථාන තැබිය නොහැකිය. ඒ කියන්නෙ අපි 5 වෙනි කොටසෙදි ලිව්ව ” int LED = 13; ” කියන Code එක ” byte LED = 13;” කියලත් අපිට ලියන්න පුලුවන්. මොකද 13 කියන සංඛ්‍යාව 0 – 255 ත් අතර තියන දශමස්ථාන නැති සංඛ්‍යාවක් නිසා එහෙම කරන්නට පුලුවන්. දැන් ඔයාට තේරෙනව ඇති මන් එදා කිව්වට int කියන්නෙ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ වෙන පදය කියල ඒක එහෙම නෙවෙයි කියල. int කියන්නෙත් Data Type එකක්.
#int :-
-32,768 සිට +32,767 දක්වා හෙවත් 16 bit සංඛ්‍යාංකිත අගයක් පමණක් ආදේශ කල හැකිය. නමුත් මෙහි දශමස්ථාන තැබිය නොහැකිය.
#long :-
-2,147,483,648 සිට +2,147,483,648 දක්වා හෙවත් 32bit සංඛ්‍යාංකිත අගයන් පමණක් ආදේශ කල හැකිය. නමුත් මෙහිද දශමස්ථාන තැබිය නොහැකි වේ. ඒ කියන්නෙ අර කලින් code එකම ” long LED = 13; ” කියලත් ලියන්න පුලුවන්
#float :-
මේ ඩේට ටයිප් එකේ නම් දශමස්ථාන තියන්නට පුලුවන් . ඉතින් කලින් කෝඩ් එකම ” float LED = 13; ” කියල ලියන්නත් පුලුවන්.
ඉතින් වේරියබල් ගැන වගේම ඩේට ටයිප්ස් ගැනත් ඔයාල දැනගන්න ඇති කියල මම හිතනව. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. එතකොට හොදටම පැහැදිලි වෙයි මොකක්ද මේ කියන්නෙ කියල.
වීඩියෝ එක මෙතනින් :- https://youtu.be/RE9nCQy1GFc
ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං Part 07 තුලින් නැවත හමුවෙමු.
Compiled by: Yasas Sadeepa