#ආඩුඊනෝ මයික්‍රො ‍කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_02 – Introduction to Arduino

මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං වැඩ කරන්න පුලුවන් හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා ඉන්ටෆේස් ගනනාවක් අතරින් ආඩුඊනෝ යනු ඉතා ජනප්‍රිය එකකි. ආඩුඊනෝ ඩිවලොප්මන්ට් බෝඩ් එක එහි හාඩ්වෙයා ඉන්ටෆේස් එක වන අතර ආඩුඊනෝ වැඩසටහන සොෆ්ට්වෙයා ඉන්ටෆේස් එකයි. ඕපන්සෝස් සොෆ්ට්වෙයා එකක් වන මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං ක්‍රමය ජනප්‍රිය වීමට හේතුව එමගින් ප්‍රෝග්‍රෑම් කිරීම පහසු වීමයි. ඒ සදහා විශේෂිත වූ ඉලෙක්ට්‍රොනික විද්‍යා දැනුමක් හෝ පරිගණක ක්‍රමලේඛ භාශා හැසිරවීම පිලිබද දැනුමක් අවශ්‍ය නොවේ. Arduino යනු ඕපන්සෝස් මාදිලියේ හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා ඉන්ටෆේස් එකක් නිසා මෙම කේත මෙන්ම පරිපථ පුවරුද නිදහසේ වෙනස් කර භාවිතා කරන්නට පුලුවන්. නිවෙමින් දැල්වෙන LED බල්බයේ සිට සංකීර්ණ රොබෝවෙකු ක්‍රියාකරවීම දක්වා වන විවිධ පන්නයේ වැඩ කර ගන්නට ආඩුඊනෝ හරහා මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කර ගත හැකිය.

මොනවද අපිට ආඩුඊනෝ භාවිතයෙන් මයික්‍රො කන්ට්‍රෝලර් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න ඕනෙ වෙන්නෙ?? ආඩුඊනෝ ක්‍රමය භාවිතයෙන් මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං කිරීම සදහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ආඩුඊනෝ බෝඩ් එකකි. store.arduino.cc/category/11 කියන වෙබ් site එකට ගිහින් ආඩුඊනෝ බෝඩ් එකක් මිළදී ගන්න පුලුවන්. මේ වෙබ්සයිට් එකේ තියන බෝඩ් ඉතාලියේ නිශ්පාදිත නියම තත්වයේ ඒවා නිසා ටිකක් මිල නම් වැඩී. ඒත් වෙන රටක නිශ්පාදනය කරපු ආඩුඊනෝ ඌනෝ ක්ලෝන් බෝඩ් එකක් ඊට වඩා අඩු මුදලකට Scion Electronics එකෙන් ගන්න පුලුවන්. ඒත ගනන් වැඩී වගේ නම් අපිට ගෙදරදිම උනත් මේ ආඩුඊනෝ බෝඩ් එකක් රු.450කට විතර හදාගන්න පුලුවන්. අපි ගෙදරදිම ආඩුඊනෝ බෝඩ් එකක් හදාගන්න හැටි ඊලග කොටසින් කියල දෙන්නම්මේ.  බෝඩ් එකක් කඩෙන් ගන්නව නම්.. ඒ බෝඩ් එකක් එක්ක බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරන්න කේබල් එකක් දෙනව… ATMega328P කියන මයික්රො කන්ට්රෝලර් එකත් ඒ බෝඩ් එකටම හයි කරල දෙනව…

ආඩුඊනෝ බෝඩ් එකට අමතරව පරිපථ අත්හදා බැලීම සදහා බ්රෙඩ්බෝඩ් එකක් මිලදී ගන්න ඕනෙ. ආඩුඊනෝ බෝඩ් එක හා බ්රෙඩ් බෝඩ් එකට වගේම තව අපි එකතු කරන උපාංගවලට සම්බන්ධතා ගොඩනැංවීම සදහා ජම්පර් කේබලුත් ඕනෙ වෙනව.

ආඩුඊනෝ ප්රෝග්රෑමිං වැඩ කිරීම සදහා අවශ්ය ආඩුඊනෝ සොෆ්ට්වෙයා එක arduino.cc/en/Main/Software කියන Web Site එකෙන් නොමිලේ Download කරගන්න පුලුවන්. Download කරගත්තු Arduino මෘදුකාංගය පරිගනකයට Install කරගෙන ඉවර උනහම අපිට වැඩ පටන් ගන්න පුලුවන්.

ගෙදරදිම ආඩුඊනෝ බෝඩ් එකක් හදාගන්නෙ කොහොමද කියල ඊලග කොටසින් අරන් එන්නම්. ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං – Part 03 තුලින් නැවත හමු වෙමු.

Compiled by: Yasas Sadeepa

Arduino-Programming-Part2-1-Scion-Electronics-Sri-Lanka

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×