ඔබ Arduino Board එකක් මිලදී ගැනීමේදී (How to Check Arduino from Smart Phone)
අපි කවුරුත් කැමතියි යමක් මිළදී ගැනීමේදී විශේෂයෙන් විදුලි උපකරණයක්නම් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර මිළදී ගැනීමට. බොහෝ වෙලඳසැල් වල Arduino board පරීක්ෂාකර පෙන්වා විකිණීම සිදු නොවේ. එහිදී මිලදී ගත් බෝර්ඩ් එකක යම් දෝශයක් සහිත වීනම් නිවසට පැමිණ පරීක්ෂා කර අප නැවත එකී වෙළඳ සැලට යායුතු වෙනවා. ඇතැම් විට වගකීමක් නොලැබෙන්නත් පුලුවන්. අද කතා කරන්නෙ ඒ ගැටලුවට විසඳුමක්. මේ සඳහා අමතරව ලොකු වියදමක් නෑ.මෙය සිදු කරන්නෙ ඔබ භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකතනයමයි. මෙහිදී අප භාවිතා කරන ඇප් එක මෙම පරීක්ෂාවට පමනක් නොව අවශ්‍ය මොහොතක ඉන්පසුව අප විසින් සිදු කරනු ලබන නිර්මාන සඳහා ආර්ඩුඊනෝ එක ප්‍රෝග්‍රෑම් කිරීමටද යොදාගත හැකි බැවින් මෙය අපතේ නොයන උත්සාහයකැයි සිතමි.
(මෙහිදී මා විසින් රූප සටහන් අංක 5 ට අදාලව උදාහරණ ලෙස තෝරා ඇත්තේ Arduino Uno එකක් පරීක්ෂා කිරීම වන අතර එහිදී ඔබ විසින් මිළදී ගනු ලබන බෝර්ඩ් මොඩ්ල් වලට අදාල තේරීම් සිදුකරන්න)
මුලුන්ම Google Play Store එකෙන් ArduinoDroid ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම කඩෙන් OTG කේබල් එකකුත් මිලදී ගන්න. මේවා කල් ඇතිවම කරල තියාගන්න. ඔබ Arduino board එකක් මිලදී ගැනීමේදී අවශ්‍යනම් පහත රූපසටහන් වල දී ඇති පියවර අනුගමනය කරන්න. කෙසේවෙතත් ඒ සඳහා වෙලදසැල් හිමියා දැනුවත් කර අවසර ලබාගන්න.
????
මේ සියල්ල අවසානයේ Arduino board එක මත ඇති LED එක බ්ලින්ක් වන්නේනම් ඔබ මිලදී ගැනීමට යන Arduino බෝර්ඩ් එක දෝශ රහිත යැයි කිව හැකියි.
Written By: අනුරාධ රවිනාත් අබේනායක
Edited By: Scion Electronics