10 Ways to Destroy An Arduino – Part 2

මෙන්න දෙවෙනි ක්‍රමය

02) Shorting I/O Pins to Each Other

මේකෙදි එක IO pin දෙකක් එකට සම්බන්ධ වීමේදී තමයි අදාල pin දෙක විනාශ වෙන්නෙ.

මේකෙදි එක pin දෙකම output විදිහට තියෙන්න ඕනෙ. එක pin එකක් HIGH සහ අනිත් එක LOW විදිහට තියන වෙලාවක ඒ pin 2 එකට සම්බන්ධ උනොත් කලින් කිව්ව දේම මෙතනදිත් වෙලා pin 2 විනාශ වෙනව.

මේක වලක්වගන්නත් කලින් කොටසෙදි කිව්ව විදිහටම resistor එකක් සම්බන්ධ කරන්න තමයි තියෙන්නෙ.

03) Apply Over-voltage to I/O Pins

ඔන්න මේ තියෙන්නෙ මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ උන ප්‍රශ්නෙ. සමහර අය කියල තිබුන වැරදි අදහස් වලටත් සමහරුන්ට තිබ්බ ප්‍රශ්න වලටත් මේකෙන් උත්තරයක් හම්බෙයි.

මේහෙදි කියන්නෙ IO pin එකකට over-voltage එකක් එහෙමත් නැත්තම් අධිවෝල්ටීයතාවයක් ලැබුනොත් මොකද වෙන්නෙ කියල. ඇත්තටම ඒකෙදි වෙන්න පුලුවන් ප්‍රධානම දේ තමයි මේ IO pin එක විනාශ වෙන එක. ඊට අමතරව TTL converter ic එක වගේම තවත් උපාංග වලටත් හානි වෙන්න පුලුවන්.

කොහොමද එහෙම වෙන්නෙ ?

ATMEGA328P Microcontroller එකේ හැම IO pin එකකටම සම්බන්ධ උන diode එකක් Microcontroller එක ඇතුලෙ inbuild ම තියනව. ඉතින් අපි IO pin එකකට 5V දුන්නම මේ diode එක නිවැරදිව නැඹුරු වෙලා අදාල කාර්‍ය කරනව. 5V කිව්වට 5.5V වගේ පුලුවන්.

ඒත් ඊට වඩා voltage එකක් මේ IO pin එකකට ලැබුනම මේ diode එක හරහා ගලා යන අධික ධාරාව නිසා diode එක පිළිස්සීමකට ලක් වෙනව.

මේ diode එක ක්‍රම 2කට පිච්චෙන්න පුලුවන්.

  1. Diode එක සම්පූර්ණයෙන්ම පිච්චිලා diode එක ලගින් පරිපථය විසන්ධි වෙන එක

2.  Diode එක අර්ධ වශයෙන් පිළිස්සීමකට ලක්වෙලා ලැබුන සම්පූර්ණ ධාරාවම diode එක හරහා ගමන් කිරීම

ඉතින් අපි over-voltage එකක් ලබාදුන්නම පළවෙනි ක්‍රමේට diode එක පිළිස්සීමට ලක් උනොත් අදාළ IO pin එක විනාශ වෙනව.

භයානකම දේ තමයි දෙවෙනි ක්‍රමේට diode එක පිච්චෙන එක. එහෙම උනොත් නම් IO Pin එක විතරක් නෙවෙයි TTL Converter ic වගේම තවත් component වලටත් හානි වෙන්න පුලුවන්.

මේ දේ ඔයාල pin එකට over-voltage එක ලබාදීල තියන කාලය වගේම voltage එක සහ amperage එකත් බලපානව.

අපිට මේක නවත්තගන්න බෑද ?

පුලුවන්. පුලුවන් නම් කොහොමද ?

ඔයාට පුලුවන් පහළ තියන රූපෙ වගේ 5.1V Zener diode එකක් සහ ඕම් 220 resistor එකක් සම්බන්ධ කරල පොඩි පරිපථයක් හදල මේ ලොකු විනාශෙන් බේරෙන්න

මේකෙදි ඔයාට ඕම් 220 Resistor එක IO pin එකට ශ්‍රේණිගත විදිහට සම්බන්ධ කරල GND එකයි IO pin එකයි එක්ක 5.1V Zener diode එකක් සම්බන්ධ කරගන්න පුලුවන්. පහළ රූපෙ බලන්න.

මේකෙදි IO pin එකට 5V ලැබුනොත් කිසිම ප්‍රශ්නයක් නැතුව 5V pin එකට ලැබෙනව. මොකද Zener එක 5.1V නිසා ඒ 5V Voltage එකට Zener එකෙන් බලපෑමක් වෙන්නෙ නැ. එව්ත් 5.1 වඩා voltage එකක් ලැබුනොත් Zener එකෙන් ඒ ලැබෙන voltage එක drop down කරගෙන නියමිත voltage එක විතරක් pin එකට ලබාදෙනව. ඔයාලට සාමාන්‍යෙන් 24V වගේ voltage එකක් මේ pin එකකට දෙන්න පුලුවන්.

Written by: Yasas Sadeepa

Edited by: Scion Electronics

 

Leave a Reply

0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×