10 Ways to Destroy An Arduino – Part 1
දැක්කමත් බය හිතෙන මාතෘකාවක්ද??
ඔව් අපි සල්ලි දීල අමාරුවෙන් ගන්න Arduino board එකට වෙන්න පුලුවන් හානි 10ක් ගැන තමා මන් අද කියන්න යන්නෙ.
ගොඩක් කාලෝචිත මාතෘකාවක් කියල හිතුන ඒ වගේම මේ දවස් වල පොඩි කතා බහක් ගිය නිසා වගේම සමහර අයගෙ තිබුනු වැරදි අදහස් ටික නිවැරදි කරගන්නත් උදව්වක් වෙයි post එක.
1) Shorting I/O Pins to Ground :-
*I/O Pin එකක් අපිට input එකක් වගේම output විදිහටත් අපිට configure කරගන්න පුලුවන් කියල ඔයා දන්නවනෙ. ඉතින් output එකක් විදිහට config කරපු pin එකක් HIGH කරල තියන වෙලාවක ground එකත් එක්ක කෙටියෙන් කියනව නම් GND එකත් එක්ක සම්බන්ධ උනොත් over current තත්වයක් ඇතිවෙලා ඒ I/O Pin එක විනාශ වෙන්න පුලුවන්
මේක වෙන්නෙ කොහොමද??
ATMEGA328P Microcontroller එකේ datasheet එකට අනුව මේ IO pin එකක් හරහා ගලා යා හැකි maximum current එක විදිහට සදහන් කරල තියෙන්නෙ 40mA.
මේ IO pin එකක internal resistance එක ඕම් 25ක් වෙන විදිහට තමයි ATMEGA328P Microcontroller එක නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම තමා ඔයාල දන්නවනෙ මේ IO pin එකක සාමාන්‍යයෙන් output voltage එක 5V කියල.
ඉතින් V=IR කියන සම්බන්ධෙ මෙතෙන්ට දාල බැලුවොත් 5=I*25 කියල ඔයාලට ලියන්න පුලුවන්. එහෙම උනොත් මෙතන I=0.2A වෙනව. ඒ කියන්නෙ 200mA. 200mA වගේ ධාරාවක් හොදටම ප්‍රමාණවත් මේ IO pin එක විනාශ කරන්න. මොකද මන් කලින් කිව්වනෙ මේ pin එකක් හදල තියෙන්නෙ maximum 40mA ධාරාවක් ගෙනියන්න කියල.
මේක වලක්වගන්න පුලුවන්ද ??
ඔව් පුලුවන්ඔ. යාට කරන්න පුලුවන් එක දෙයක් තමයි ඕම් 220ක වගේ resistor එකක් IO pin එකට ශ්‍රේණිගත (series) විදිහට සම්බන්ධ කරන එක. මේකෙදි කලින් වගේම V=IR සම්බන්ධය දාල බැලුවොත් ආසන්න වශයෙන් 23mA වගේ ධාරාවක් තමයි ලැබෙන්නෙ. මන් කලින් කිව්වනෙ මේ pin එකක් හරහා maximum 40mA ගමන් කරන්න පුලුවන් කියල. කලින් 200mA ගියත් දැන් යන්නෙ 23mA.
10ක් ගැන මේ විදිහටම ලියන්න හිටියෙ. ඒත් වෙලාව මදි. ආයෙත් වෙලවක් තියෙද්දී ඊලග කොටස දාන්නම්
Written by: Yasas Sadeepa
Edited by: Scion Electronics