Arduino Midi Pad – Part 1

ආයුබෝවන්
ඔන්න අද කියල දෙන්න හදන්නෙ ගොඩක් දෙනෙක් බලන් හිටපු Arduino Midi Pad එක හදන විදිය ගැන
Midi pad කිවුවම ඔයාලට මතක් වෙන්නෙ සාමාන්ය විදියට midi cable එක computer එකට කනෙට් කරල play කරන midi pad එක
ඔව් එක තමයි හැබැයි ඒකට වඩා වෙනස් ඒකියන්නෙ අද හදන්න කියල දෙන pad එකට අමතරව display එකක් push button දෙකක් තියෙනව

දැන් බලයි මොකටද display එකක් කියල. ඒ display එකෙන් තමන් play කරන tone එකේ නම, කීවෙනි tone එකද වැඩකරන්නෙ, තව ඔයාගේ name එක උනත් පුලුවන් display කරගන්න.

එතකොට push button එකෙන් වෙන්නෙ තමන් play කරන tone එක මාරැකරගන්න එක

මුලින්ම Midi pad එක හදන්න ඔන වෙන උපාංග ටික දැනගමු.

1) මුලින්ම Arduino nano බොර්ඩ් එකක් ඔනවෙනව මොකද Nano එකේ Analog input 8 තියෙන නිසා. මොකද අපි හදන්න යන පෑඩ් එකේ piezo  sensor 8 යොදාගන්න නිසා.

2) 16 × 2 display – 1

3) Piezo sensor – 8

4) Push button – 2

5) 220 Ohm resistors – 2

6) 1MOhm resistors – 8

7) 10k resistors – 2

8) Midi female port – 1

9) Midi cable – 1

10) FL Studio software එක

11) Breadboard – 1

මුලින්ම 1 රූපයේ තියෙන විදියට piezo sensor වලට 1MOhm resistor පාස්ස ගන්න (piezo 8 ම 1MOhm දාල පාස්ස ගන්න)

ඊට පස්සෙ Arduino Nano එක අරගෙන A 0 තැන ඉදල A 7 ගාවට එනකල් piezo sensor එකේ + පැත්ත කනෙක්ට් කරගන්න. Piezo 8 ම ground එකට කනෙක්ට් කරන්න.

2 රූපයේ තියෙන්නෙ midi female port එක Nano board එකට කනෙක්ට් කරන විදිහ.

එම රූපයේ tx කියා සදහන් කරල තියෙන වයරය Nano board එකේ tx කියන තැනට කනෙක්ට් කරගන්න. අනෙක් 220 Ohm resistor එක තියෙන වයර් එකට Nano board එකේ 5V ලබා දෙන්න. අනිත් වයර් එකට ground ලබාදෙන්න.

3 රූපයෙන් දැක්වෙන්නෙ Nano board එකට display එක සම්බන්ධ කරගන්න විදියයි.

එම රූපයේ “වෝල්ට් 4ට අඩු” කියන වයර් එකට 220 Ohm resistor එක පාවිච්චි කරන්න. Display එකේ 2 3 4 5 11 12 යන වයර් ටික Nano board එකේ digital pin ටිකට කනෙක්ට් කරන්න. එහි ඇති රතු වයර් එකට Nano board එකේ 5V ලබාදෙන්න

4 රූපයේ තිබෙන්නේ Nano board එකට push button සවිකරන ආකාරයයි.

D8 සහ D9 කියන වයර් දෙක Nano board එකේ digital පින් වලට කනෙක්ට් කරන්න. එම push button  සදහා 10k resistor දමා ground ලබාදෙන්න. Push button එකේ අනිත් පැත්තට 5V ලබාදෙන්න.

දැන් හරි. ඔය ටික එකතු උනාම pad එක සම්පූර්ණයි.

දැන් තමයි හොදම ටික, ඒ කියන්නේ program එක.  Fl Studio එකට plug කරන විදිය ගැන පොස්ට් එකක් එක්ක හමුවෙමු

Written by: Lakshitha Viduranga

Edited by: Scion Electronics

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×