Arduino Programming Part 24 – Pulse Sensor & OLED Display

අද අපි කතා කරන්න යන්නෙ Pulse Sensor එක සහ OLED Display එක එකතු කරල BPS එක, එහෙමත් නැත්තම් Beat Per Second (තප්පරයකදී sensor එකට ලැබෙන beats ප්‍රමාණය) OLED display එකක display කරගන්න ආකාරය ගැන.

අපිට මේ සදහා අවශ්‍ය කරනවා.

1) Pulse Sensor * 1 – https://scionelectronics.com/product/pulse-sensor/

2) OLED Display * 1 – https://scionelectronics.com/product/blue-128×64-0-96-inch-oled-display-module/

3) Arduino Uno * 1

අපි මුලින්ම බලමු මේ Pulse sensor එක ගැන. ( 2 රූපය ) මේ Pulse sensor එකට ලැබෙන pulse එකට අනුව මෙහි ඇති output pin එක මගින් Arduino එක වෙත signal එකක් ලබා දෙනව. මෙම pulse sensor එකෙහි inbuild ම pulse amplifier එකක් වගේම noise controller එකක්ද අන්තර්ගත වෙනව. කොහොම උනත් මේ pulse sensor එක වෛද්‍යමය කටයුතු වලට වගේම විද්‍යාත්මක කටයුතු වලටත් භාවිතා කරන්න එපා කියල මේකෙ නිශ්පාදන සමාගමම කියල තියනව.

අපි බලමු මේ Pulse sensor එක Arduino එකත් එක්ක සම්බන්ධ කරගන්න විදිහ. (3 රූපය). මේ විදිහට Pulse sensor එක Arduino එකත් එක්ක සම්බන්ධ කරල මේ පහල තියන code එක upload කරල, serial plotter එක open කරල බලන්න.

Download Pulse Sensor Code :- https://drive.google.com/…/1kw6qaq8E__O9lbzbK2FvCl-8O…/view…

අපි ඊලගට බලමු OLED display එක ( 4 රූපය) Arduino එක්ක එකතු කරගන්නෙ කොහොමද කියල. 5 රූපයේ ආකාරයට OLED display එක Arduino board එක සමග සම්බන්ධ කරගන්න. දැන් පහල Arduino code එක upload කරල බලන්න. මේ library 2ත් install කරගන්න. කෝඩ් එකේ comments වලින් code එක විස්තර කරල තියනව.

Adafruit GFX Library :- https://github.com/adafruit/Adafruit-GFX-Library

Adafruit SSD1306 Library :- https://github.com/adafruit/Adafruit_SSD1306

OLED Display Code :- https://drive.google.com/…/1-OLT-H4CkSDcUkD7BOVBAToBQ…/view…

දැන් මේ OLED display එක වගේම Pulse sensor එකත් එකට එකතු කරල, sensor එකට ලැබෙන pulse එක OLED display එකේ wave එකක් ආකාරයට වගේම BPS එකක් ආකාරයටත් display කරන විදිහ බලමු.

කලින් කිව්ව විදිහට OLED display එක වගේම Pulse sensor එකත් Arduino board එකට සම්බන්ධ කරල පහල code එක upload කරල බලන්න.

Full Code :- https://drive.google.com/…/188NI_SxeOgTG5U_ZfgIyfMe6a…/view…

Video :- https://youtu.be/UH_pnXExIcc

Arduino Programming Part 25 තුළින් නැවත හමු වෙමු.

Compiled by: Yasas Sadeepa

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×