- 05 Aug
5V Regulator for Arduino
මට මේ සර්කිට් එක නිකන් ලැබුන එකක්නම් නෙවෙයි. මේක මම රු 1350/= ක් දීලා ගත්තු සර්කිට් එකක්. මේ වගේ එකක් … Read more
- 14 Jul
බාධක සංවේදී සැරයටිය
අද හිතුවා වෙනස්ම දෙයක් කරන්න. වැඩේ සරළයි. ගොඩක් අයට මේක සිම්පල් වැඩක්. දන්න නොදන්න හැමෝම එක්ක එකතු වෙලා පොඩි සමාජ … Read more
- 14 Jul
ඔබ Arduino Board එකක් මිලදී ගැනීමේදී (How to Check Arduino from Smart Phone)
අපි කවුරුත් කැමතියි යමක් මිළදී ගැනීමේදී විශේෂයෙන් විදුලි උපකරණයක්නම් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර මිළදී ගැනීමට. බොහෝ වෙලඳසැල් වල Arduino board පරීක්ෂාකර පෙන්වා … Read more
- 14 Jul
Android Arduino Bluetooth Home Automation System
අද කතා කරමු කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් බ්ලූටූත් හරහා ගෙදර භාවිතා කරන විදුලි උපකරණ ON/OFF කරන්න පුලුවන් ආර්ඩුයිනෝ විසඳුමක් ගැන. … Read more
- 14 Jul
How to Change Display Name and Password in HC-05 / HC-06
අද කියලදෙන්න යන්නෙ කොහොමද අපි අපේ ප්‍රොජෙක්ට්ස් වලට යොදාගන්න බ්ලූටූත් මොඩියුල් වලට අපිට අවශ්‍ය නමක් දෙන්නෙ සහ කොහොමද 0000 හෝ … Read more
- 03 May
10 Ways to Destroy An Arduino – Part 2
මෙන්න දෙවෙනි ක්‍රමය 02) Shorting I/O Pins to Each Other මේකෙදි එක IO pin දෙකක් එකට සම්බන්ධ වීමේදී තමයි අදාල … Read more
- 02 May
10 Ways to Destroy An Arduino – Part 1
දැක්කමත් බය හිතෙන මාතෘකාවක්ද?? ඔව් අපි සල්ලි දීල අමාරුවෙන් ගන්න Arduino board එකට වෙන්න පුලුවන් හානි 10ක් ගැන තමා මන් … Read more
- 20 Apr
Arduino Midi Pad – Part 1
ආයුබෝවන් ඔන්න අද කියල දෙන්න හදන්නෙ ගොඩක් දෙනෙක් බලන් හිටපු Arduino Midi Pad එක හදන විදිය ගැන Midi pad කිවුවම ඔයාලට … Read more
- 14 Apr
Audio Player MP3 Modules
කොහොමද යාලුවනේ. අනිත් හැමදාම Arduino ගැන පෝස්ට් අරන් ආවත් අද කියන්න යන්නෙ Arduino ගැන නම් නෙවෙයි. අද මන් කතා කරන්න … Read more
- 09 Jan
Arduino Programming Part 31 – Temperature Display System with GSM & EEPROM
අද අපි කතා කරන්න යන්නෙ Temperature Display System එකක් හදාගන්න විදිහ ගැන. මේකෙ තියන විශේෂත්වය තමයි ඔයාගෙ phone එකෙන් ලෝකෙ … Read more
09 Jan
අද අපි කතා කරන්න යන්නේ Arduino යොදාගෙන මාලිමාවක් හදාගන්න විදිහ ගැන. මේකෙදි අපි Arduino IDE එකට අමතරව processing කියන software එකත් භාවිතා කරනව.
ඉතින් මේ සදහා අපිට Honeywell HMC5983L කියන chip එක base වෙලා තියන GY-282 කියන sensor module එක භාවිතා කරන්න වෙනව.
ඔයාටත් මේ Module එක Scion Electronics එකෙන් Warranty එකක් එක්කම රු. 750ක් වගේ මුදලකට ලබාගන්න පුලුවන්.
මේ GY-282 Module එක Arduino Board එකත් එක්ක Communicate කරන්න I2C කියන Communication Method එක භාවිතා කරනව.
මේ module එක භාවිතා කරද්දී Adafruit Library භාවිතා කරල ලේසියෙන්ම අපිට ඕනෙ දේ කරගන්න පුලුවන් උනත්. අපි අද බලමු library නැතුව අපි කොහොමද මේ GY-282 module එකත් එක්ක වැඩ කරගන්නෙ කොහොමද කියල.
ඉතින් අපිට මේක කරන්න ඕනෙ වෙනව,
1) Arduino board එකක් :- https://scionelectronics.com/product/arduino-uno-ch340-smd-edition-with-cable/
2) GY-282 module එකක් :- https://scionelectronics.com/product/gy-282-hmc5983-tri-axial-compass-module/
3) Jumper wires
මීට අමතරව processing software එක ඕනෙ කරනවා. මේක අපිට අවශ්‍ය වෙන්නෙ අපේ compass එකේ ක්‍රියාකාරීත්වය Graphical User Interface එකක් විදිහට පෙන්නා ගන්න.
Download processing software:- https://processing.org/download/
මේ GY-282 Module එකේ අපිට Pin 5 ක් දැකගන්නට පුලුවන්. පහළ රූපයේ Pin Out පැහැදිලි කරල තියනවා.
මේ module එක පෘථිවියේ අක්ෂ 3ක magnetic field වලට sensitive වෙනව. මේ අක්ෂ 3 X,Y,Z විදිහට මේකෙදි නම් කරනව. මෙන්න මේ axis 3 ට අනුව තමයි මේකෙදි position එක තීරණය කරන්නෙ.
පහළ රූපයේ තියන විදිහට GY-282 Module එක Arduino board එකත් එක්ක connect කරගන්න. මේකෙදි DRDY කියන pin එක සම්බන්ධ වෙන්නෙ නැහැ.
දැන් පහල තියන file එක download කරගෙන ඒකෙ තියන code එක upload කරගන්න. කෝඩ් එක කෝඩ් එකේ comments වලින් විස්තර කරල තියනව. ගැටලුවක් තිබුනොත් comment section එකේදි කියන්න.
Download E-Compass file :- https://drive.google.com/folderview?id=1gseKqayrSGRYDY7ZrtnN4b36mpMXlIiL
ඊලගට මන් කලින් දැම්ම link එකෙන් ගිහින් ඔයාගෙ OS එකට ගැලපෙන processing version එක download කරගන්න.
මේ processing software එක භාවිතා කරල ඔයාගෙ project එකකට ඔයාගෙම GUI එකක් හදාගන්න Code එකක් ලියන විදිහ තව දවසක කියල දෙන්නම්. කලින් download කරපු Ffile එකේ processing Code එකත් තියනවා.
රූපයේ විදිහට GY-282 Module එක Arduino board එකත් එක්ක සම්බන්ධ කරල Arduino code එක upload කරගෙන ඊලගට processing code එක open කරගෙන Run Button එක click කරන්න.
මේ processing code එකේ පොඩි වෙනස්කමක් කරන්න ඔයාලට සිද්ධ වෙන්ව. ඒ තමයි මේ code එකේ 22 වන පේලියේ අපි Arduino board එක සම්බන්ධ කරල තියන port එක select කරන්න ඕනෙ. මගෙ Arduino board එකේ port එක COM2 නිසා මන් COM2 කියල ලියල තියනවා. ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්න.
දැන් ඔයාටත් ඔයාගෙම Electronic Compass එකක්.
ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඔයාට ඕනෙම Arduino componenst එකක් ලංකාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ SLIIT Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ shop තියනව. ඔයාට warranty එකක් එක්කම අපි කතා කරපු GY-282 module එක වගේම Arduino Uno board එකත් වගකීමක් සහිතව මිළදීගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය කරන ඕනෙම Arduino component එකක් වගකීමක් එක්කම ගන්න පුලුවන් එකම තැන Scion Electronics (scionelectronics.com)
Compiled by: Yasas Sadeepa