#ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං #Part_01 – Introduction to Microcontroller
මයික්‍රො කන්ට්‍රෝලර් එකක් කියන්නෙ හරියට කුඩා පරිණකයක් වගේ දෙයක්. Processor එකක්, RAM එකක්, Flash Memory එකක්, Clock එකක් සහ Control Unit එකක් මේකෙ තියනවා. මේ Control Unit එකට දාල තියන program එකට අනුව මේ මයික්‍රො කන්ට්‍රෝලර් එක ක්‍රියාත්මක වෙනව…
ගුවන් යානා, රොබෝ යන්ත්‍ර, කෘතීම හදවත් ආදී සංකීර්ණ යන්ත්‍ර මෙන්ම ගෙදර දොරේදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන TV, ශීතකරණ, ප්‍රින්ටර්ස් වගේ උපකරණ වල මේ මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතා වෙනව.
ඉතින් මේ මයික්‍රො කන්ට්‍රෝලරයක් මගින් යම් නිශ්චිත වැඩක් කරගන්න නම් Code එකක් ලියල Program එකක් හදාගන්න ඕනෙ. ඒ හදාගත්ත program එක මයික්‍රො කන්ට්‍රෝලරයට ඇතුලත් කරගන්න ඕනෙ.. අන්න ඒකට තමයි මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං කියන්නෙ… මේකෙදිත් මේ code ලියන්නෙ සාමාන්‍ය computer language එකකින් code ලියන විදිහටමයි. ඒ සදහා විශේෂිත software package එකක් පරිගණකයේ ස්ථාපනය කරගත යුතුයි. මෙය සොෆ්ට්වෙයා ඉන්ටෆේස් එක ලෙස හදුන්වනවා. මෙසේ ලියන ලද කේත මයික්‍රො කන්ට්‍රෝලරයට යොමු කිරීම සදහා එම මයික්‍රො කන්ට්‍රෝලරය විශේෂිත පරිපථ පුවරුවකට සම්බන්ධ කර එය පරිගණකයට සම්බන්ධ කරනු ලබයි. මෙහිදී යොදා ගන්න උපාංග සැකැස්ම හාඩ්වෙයා ඉන්‍ටෆේස් එක නම් වේ.
මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං කල හැකි සොෆ්ට්වෙයා හා හාඩ්වෙයා ඉන්ටෆේස් ගනනාවක් තිබේ. අඩුඊනෝ යනු ඒවා අතරින් ජනප්‍රිය එකකි….
ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං – Part 02 තුලින් නැවත හමුවෙමු.
Compiled by: Yasas Sadeepa