How to Change Display Name and Password in HC-05 / HC-06

අද කියලදෙන්න යන්නෙ කොහොමද අපි අපේ ප්‍රොජෙක්ට්ස්  වලට යොදාගන්න බ්ලූටූත් මොඩියුල් වලට අපිට අවශ්‍ය  නමක් දෙන්නෙ සහ කොහොමද 0000 හෝ 1234 විදියට එන පාස්වර්ඩ් එක අපිට ඕන විදියට වෙනස් කරගන්නෙ කියල. නිර්මාණ අදහස් කොපමණ දුන්නත් අත්‍යවශමය වන මෙවැනි සැකසීම් ගැන කිසිදු අයෙකු කතා නොකරන බැවින් මෙවැනි පෝස්ට් එකක් කරන්න අදහස් කලා. 

හරි…අපි බලමු අද වැඩේ කොහොමද කරගන්නෙ කියල.

මම හිතනව මේ කියන්නෙ මොකක්ද කියන දේ ගොඩක් අයට තේරෙනව ඇති. ඉතින් රූපසටහනේ pin configurations යටතේ තියෙන ආකාරයට USB to Serial එකයි Bluetooth module එකයි female to female ජම්පර් වයර් ආධාරයෙන් සම්බන්ධ කරගන්න. දැන් මේ පරිපථයෙ USB to Serial එක පරිගණකයේ USB පෝර්ට් එකකට සම්බන්ධ කරගන්න. ඉන්පසු පරිගණකයේ Arduino IDE එක ඕපන් කරලා ඒකෙ සීරියල් මොනිටර් ඔන් කරගන්න.

සීරියල් මොනිටර් වින්ඩෝව නොපැමින එරර් මැසෙජ් එකක් එනවනම් අනිවා කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි Arduino IDE එකේ Tools ගිහින් Port එක තෝරන එක. ඒක හරි සරළ වැඩක් නිසා ඒ ගැන කතා නෑ.

හරි. දැන් තමයි වැදගත්ම කොටස.

අපි ඉහත කී ආකාරයට අපිට අවශ්‍ය නමක් පාස්වර්ඩ් එකක් මේ බ්ලූටූත් මොඩියුල් වලට ලබාදෙන්නෙ AT කමාන්ඩ්ස් ආධාරයෙන්. ඒ වැඩේ ඉතින් හරිම පහසු එකක්.

මුලින්ම බලමු අපි කොහොමද අපේ මොඩියුල් එකට නමක් දෙන්නෙ කියලා. ඒක කරන්නෙ මෙහෙමයි.

ඕපන් කරගත් සීරියල් මොනිටර් වින්ඩෝ එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න.

මුලින්ම AT කියල ටයිප් කරල Send කර බලන්න. OK කියල වින්ඩෝ එකේ ඩිස්ප්ලේ වෙනවනම් වැඩේ ගොඩ. දැන් මුලින් වගේම AT+NAMExxxxx (xxxxx වෙනුවට ඔයාට ඕන නමක් දෙන්න) ටයිප් කරල Send කරන්න. නැවත OK කියල වින්ඩෝ එකේ පෙන්නුවනම් වැඩේ හරි.

ඊලඟට බලමු අපි අපිට ඕන පාස්වර්ඩ් එකක් මේ මොඩියුල් වලට දාගන්නෙ කොහොමද කියල. ඒකත් නමක් දැම්මා වගේම හරිම පහසුයි. මේ විදියට කරන්න.

AT+PIN5555 (5555 වෙනුවට ඔයාට ඕන PIN එකක් දෙන්න) ටයිප් කරල සෙන්ඩ් කරන්න. නැවත OK කියල වින්ඩෝ එකේ පෙන්නුවනම් වැඩේ හරි.

ඉතින් ඔන්න ඔහොමයි Bluetooth Module එක customize කරගන්නෙ. තව විවිධ සැකසීම් සිදුකරන්න උත්සාහ ගන්න. ඉදිරියෙදි ඒව කතා කරමු. දැනට අත්‍යවශමය name එක සහ pin එක වෙනස් කරමු.

ස්තූතියි. අදහස් ලියන්න. වැරදි ඇත්නම් නිවැරදි ආකාර ගැන කතා කරන්න. තව අයෙක් දැනුවත් කරන්න. ජය ශ්රී.???

Written By: අනුරාධ රවිනාත් අබේනායක

Edited By: Scion Electronics

Leave a Reply

X
0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×