Introduction to T1000S Pixel LED Controller

ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලූම දෙනාටම. ඔන්න ගොඩාක් අය ඉල්ලුවා මේ පික්සල් LED බුදුරැස්මාලා, නාමපුවරු සෑදීම ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා ඉතින් අද කියලා දෙන්නම් මේ 1000S Pixel LED Controller එක පිළිබඳව පොඩි හැදින්වීමක්.

1000S Pixel LED Controller යනු මෑතකාලයේදී පික්සල් LED පාලනය කිරීමට බහුලව භාවිතා කරන පාලකයක් වේ. අප රටෙහි මෙය බහුලව භාවිතා නොකෙරුනත් අපේ අසල්වැසි ඉන්දියාවේ දී මෙම T1000S පික්සල් කන්ට්රෝල් එක භාවිතා කරමින් ඉතාමත් අලංකාර රටා නිර්මාණය කර තිබෙනවා.

ඉතින් ගොඩාක් අය මේ පික්සල් පිළිබඳව දැඩි උනන්දුවක් තිබෙන නිසා මටත් හිතුනා මේ T1000S පික්සල් LED කන්ට්රෝල් එක භාවිතා කරමින් බුදුරැස්මාලා , නාමපුවරු නිර්මාණය ගැන ඔයාලටත් කියලා දෙන්න. ඉතින් අපි මුලින්ම මේ T1000 කන්ට්රෝලර් එක ගැන හදුනා ගෙනම A to Z වැඩේ කරගෙන යමු.

එහෙමනම් අපි පොඩ්ඩක් බලමු කන්ට්රෝලර් එකේ විස්තර ටිකක්.

ලබා දිය යුතු වෝල්ට් ප්‍රමාණය: 5V 30A (Amphere ප්‍රමාණය  30 හෝ ඊට වැඩි පවර්සප්ලයි එකක් භාවිතා කල විට අප ලබා දෙන ඩිසයින් එක stuck වීමකින් තොරව හොදින් ක්‍රියාකරයි. හැකි සෑම විටම කන්ට්රෝලර් එක සදහා වෙනම පවර්සප්ලයි එකක් භාවිතා කරනවානම් වඩාත් සුදුසු වේ.

24Vවලින්ද මෙම කන්ට්රෝලර් එක වැඩකල හැක නමුත් අප බහුලව භාවිතා කරන්නේ 5V බැවින් ඔබත් මෙහි 5V පින් එක භාවිතයට ගන්න..

දැමීමට හැකි ප්‍රෝග්‍රෑම් ප්‍රමාණය 16 (ඉදිරියට සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්නම්)

දැමීමට හැකි උපරිම පික්සල් LED ප්‍රමාණය: 2048

Program method එක: SD Card

මේ කන්ට්රෝලර් එකහි ප්‍රෝග්‍රෑම් එක දැමීමට සදහා 256MB SD CARD එකක් භාවිතා කරනු ලබයි

මෙම කන්ට්රෝලර් එක මගින් අපට පහසුවෙන් පික්සල් එල් ඊ ඩී බල්බ 2048 පත්තු කරන්න පුලුවන් . මේකේ තියෙන අනිත් චාන්ස් එක තමයි T1000 controllers 2ක් එකට එකතු කරලා අපිට පික්සල් බල්බ 4096 ක් පාලනය කරන්න පුලුවන් වීමයි ඒකටම් ඔයාලත් ආසවෙයි මයෙ හිතේ?????. හරි ඉතින් ඒවා ගැන වැඩි විස්තර ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්.

T1000S controller එකට භාවිතා කල හැකි පික්සල් බල්බ වල IC number

Supported driver chips:

TM1803,TM1804,TM1809,TM1812,TM1829,TM1913,TM1914,UCS1903,UCS1903B, UCS1909B,UCS1912,UCS2903,UCS2909,UCS2912,UCS3903,UCS6909,UCS6912,UCS7009, UCS5903,UCS8903,UCS512,US2811,WS2821,P9813,P9823,LPD1886,GW6202,GW6201, GW6202B,GW6204,GW6203,GW623X,TA9909,MBI6021,INK1003,LX10003,LX2003, LX2006,TLS3100,DMX,SM16711,SM16726,SM16716,LPD6803,LPD8806,LPD1882,LPD6812, TM1903,TM1904,TM1909,TM1912,,DMXMonochrome,WS2801,WS2803,D7710,QC1109, TLS3001,TLS3008,APA102,MY9221,BS0815,BS0825,BS0901,HL32,HL1809,HL2803, RGB,Monochrome,XB001,XB002

 

 

 

Written By: Ruchiran Isharaka

Edited By: Scion Electronics

Leave a Reply

0
    Quick Cart View
    Your cart is emptyReturn to Shop

      ×